
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මඩකලපුව, එරාවූර් පොලිස් වසමට අයත් කොමන්තුරෙයි ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයකු ඊයේ (2) උදෑසන එම නිවසේ තනිව සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙළ පිහියකින් කපා සහ ඇයගෙන් පවුම් 10ක ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව වාර්තා වේ.
මෙම පිහි ප්‍රහාරයට ලක්වූ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.
කාන්තාවගේ කෑගැසීම ඇසී එහි පැමිණි අසල්වාසීන් ඇය වහා රෝහල් ගතකර තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි කලබලයක් සහ භීතියක් හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
එරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart