
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කොන්දොස්තරවරයකුගේ ඇඟිල්ලක් පිහියකින් කපා, ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300/= මුදලක් කොල්ලකා පළාගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
තුවාල ලද ඉංගිරිය පහළ ඌරුගල පදිංචි කොන්දොස්තර වරයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
මාර්ග අංක 176 ඉංගිරිය-හෙට්ටියාවත්ත උදෑසන ඉංගිරිය නගරයෙන් ආරම්භ කරන බස් රථයේ සේවය සදහා සඳහා ත්‍රීරෝද රථයකින් ඉංගිරිය නගරයේ වෙත පැමිණ සිටි කොන්දොස්තරවරයා, ත්‍රිරෝද රථය වෙළෙඳ සලක් අසල නවතා ප්‍රවේශපත්‍ර යන්ත්‍රය රැගෙන ගාල්කර තිබූ බස්රථය වෙත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියසිදුවී තිබූ බව පොලිසිය කියයි.
බස් රථය ආසන්නයට කොන්දොස්තරවරයා පැමිණෙමින් සිටියදී මුහුණ වැසෙන සේ ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකගෙන් පසුපැදිකරු අතුරු පැදියෙන් බැස කොන්දොස්තරවරයා අසලට පැමිණ ඔහුට පහර දී, කමිස සාක්කුවේ තිබූ මුදල් පැහැරගෙන ඇති අතර, එම අවස්ථාවේ එය වැළැක්වීම සඳහා කොන්දොස්තරවරයා උත්සාහ දැරීමේදී කොල්ලකරු අත තිබූ පිහිය එල්ල කිරිම හේතුවෙන් කොන්දොස්තරවරයාට තුවාල සිදුවී තිබූ බව පොලිසිය පවසයි.
තුවාල ලද කොන්දොස්තරවරයා ඒ මොහොතේම ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ වම් අතේ මාපටැගිල්ලට තුවාල සිදුවීම හේතුවෙන් මැහුම් තුනක් යෙදීමට සිදු වූ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
අනතුරුව කොන්දොස්තරවරයා එක්ස් රේ පරීක්ෂණයක් සඳහා හොරණ කොන්දොස්තරවරයා වෙත යොමු කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart