
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 43කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තැපැල් මාර්ගයෙන් මෙරටට ඒවා තිබියදී සොයාගැනීමට රේගුව සමත්ව තිබේ.
ජර්මනියේ සහ එංගලන්තයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත පාර්සල් මගින් ඒවා ඇත.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේයැයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කටයුතු සඳහා නවතා පරීක්ෂා කිරීමේදී එම පාර්සල් වල මත්ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇත.
එම පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක් හා කුෂ් නමැති ගංජා ග්‍රෑම් 1740 ක්සොයාගෙන තිබේ.
එමෙන්ම Amphetamine යන මත්ද්‍රව්‍ය ග්රැම් 25ක්ද එහිදී සොයාගෙන ඇත.
පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart