
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවිධ චෝදනා මත රාජසන්තක කළ වාහන 435කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වර්තාවක සඳහන් කර ඇත.
රාජසන්තක කළ වාහන සහ බහාලුම් වෙන්දේසියේදී අපහරණය කරන තෙක්, රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත් වර්ග අඩි 18,000ක අංගනයක මෙම වසරේ ජනවාරි 31 දක්වා වාහන 435ක් ද බහාලුම් 91ක් ද රඳවා තිබුණ බව එම වාර්තාවේ දැක්වේ.
විවිධ වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර පහකට අධික කාලයක සිට එම භූමියේ රඳවා ඇති බවත්, මෙම වාහන සහ බහාලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් රේගුව පෞද්ගලික ආයතනයකට රුපියල් කෝටි 08කට අධික කුලී මුදලක් ගෙවා ඇති බවත්, විගණන අංශ පවසයි.
වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමවා ගතයුතු බව විගණන කාර්‍යාලය නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart