
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී ආනයනය කරන ලද ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ'(Rolls Royce Phantom Auto) මෝටර් රථයක් වැරදි ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නිලධාරීන් සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 70 ක පමණ දඩයක් නියම කර ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
නිලධාරීන් පවසා ඇත්තේ, ආනයනකරු එක්සත් රාජධානියේ සියයට 20ක බද්දක් ඇතුළුව ස්ටර්ලින් පවුම් 417,000 ක වටිනාකමක් ප්‍රකාශ කර ඇති බවයි.
“එම මුදල රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ මෝටර් රථයක් සඳහා වූ අතර ආනයනකරු එය එම මාදිලියේ බව කියාසිටියේය. එහෙත් දිග සහ රෝද ප්‍රමාණය රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ මාදිලියට වඩා විශාල විය,” මෙම වැරදි හෙළිදරව්ව පිළිබඳව දැන සිටි එක් නිලධාරියෙක් EconomyNext වෙත පවසා ඇත.
රේගු නිලධාරීන් මෝටර් රථය රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ EWB මාදිලිය බව සොයාගෙන ඇති අතර, එවැනි වාහනයක වටිනාකම එක්සත් රාජධානියේ සියයට 20ක බද්දක් ඇතුළුව ස්ටර්ලින් පවුම් 479,000 ක් පමණ වන බව තවත් නිලධාරියකු පවසා ඇත.
වාහනයේ අනන්‍යතාව පිළිබඳ වැරදි ප්‍රකාශය හේතුවෙන් ආනයනකරුට රුපියල් මිලියන 70ක දඩයක් ඇතුළුව මුළු රුපියල් මිලියන 370ක් ගෙවීමට සිදු වූ බව නිලධාරියා පවසා තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අදහස් දැක්වීම සඳහා සම්බන්ධ කරගැනීමට නොහැකිවී තිබේ.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සිය සමාජ මාධ්‍ය සටහනක, රෝල්ස් රොයිස් සන්නාමයේ 100 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා නිෂ්පාදනය කරන මෝටර් රථ 25න් එකක් තමා ගෙන්වූ බව ප්‍රකාශ කිරීමෙන් පසු රෝල්ස් රොයිස් ෆැන්ටම්ස් රථය සමාජ මාධ්‍යවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්විය.
සමහර සමාජ මාධ්‍ය සටහන් එවකට කියා සිටියේ ෆැන්ටම් ‘සෙන්ටනරි’ මාදිලියක් ආනයනය කර ඇති බවයි.
කෙසේවෙතත්, නිලධාරීන් පැවසුවේ වාහනය රෝල්ස් රොයිස් ෆැන්ටම් සියවස්(Rolls Royce Phantom Centenary model) වර්ගය බව සොයාගතහොත්, බද්ද පමණක් රුපියල් බිලියන 1 ඉක්මවන බවයි.
“අප දන්නා පරිදි, එය සියවස් ආකෘතියක් නොවේ. නමුත් රේගුව එය සොයාගත්තොත්, ආනයනකරුට තවත් බදු සහ දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත,” දෙවැනි රජයේ නිලධාරියා පවසා ඇත.
(උපුටාගැනීම – economynext.com)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart