
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගැටේ, එබවලපිටිය ගම්මානයේ නිවෙසකට විදුලි බිල ලබාදීමට පෙරේදා (21) ගිය මනුකියවන්නකුට නිවෙස් හිමියාත් ඔහුගේ සහෝදරයකුත් එක්ව පහරදී ඔහු හැඳ සිටි ඇඳුම් ඉරා ජංගම දුරකතනය පොළොවේ ගසා කුඩුපට්ටම් කර පළාගොස් ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.
විදුලිබල මණ්ඩලයේ වාරියපොළ කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මනුකියවන්නකු මෙසේ පහරකෑමට ලක්ව ඇත.
ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
මෙම මනුකියවන්නා අජන්ත නමැති අයකුගේ නිවෙසේ විදුලි මීටරය කියවා බිල්පත ලබාදීමට යෑමේදී යාබද නිවෙසක පදිංචිව සිටින සුසන්ත නමැති අය සමඟ අජන්ත නමැති අය මත්පැන් පානය කරමින් සිට ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
මෙම පහර දීම කර ඇත්තේ මනුකියවන්නා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන බව පොලිසිය කියයි.
මෙම පහරදීමට මුල විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත්, බීමත්කම බවත් විමර්ශනයේදී පෙනීගිය බව වාරියපොළ පොලිසියේ විමර්ශන භාර නිලධාරියෙක් සඳහන් කළේය.
මනුකියවන්නාට පහරදී පළාගිය වැඩිමල් සහෝදරයා වන අජන්ත නමැති අය ඊයේ (22) අත්අඩංගුවට ගත් බවත්, සුසන්ත නමැති සහෝදරයා සැඟවී සිටින බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart