
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කියුබානු රජය පෙබරවාරි 01 වැනිදා සිට ඉන්ධන මිල පස් ගුණයකින් වැඩි කරන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, පෙට්රල් ලීටරයක මිල කියුබානු පෙසෝ (pesos) 25 සිට පෙසෝ 132 දක්වා ඉහළ යනු ඇත.
එසේම, නේවාසික ප්රදේශවල පාරිභෝගිකයන් සඳහා විදුලි මිල සියයට 25කින් වැඩි කිරීම හා ගෑස් මිල ඉහළ දැමීම් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.
මෙම පියවර කියුබානු ආර්ථික පුනර්ජීවනය කිරීම අරමුණු කර ගෙන සිදු කරන බව, එරට මුදල් ඇමැති ව්ලැඩිමීර් රෙගුයිරෝ පවසා තිබේ.
කියුබානු රජය අන්තර්ජාතික වෙළඳපොලේ ඉන්ධන මිලදී ගැනීමට විදේශ මුදල් රැස් කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර්වලින් පමණක් ගෙවීම් භාරගන්නා නව ඉන්ධන පිරවුම්හල් 29ක් විවෘත කිරිමට අපේක්ෂා කරයි.
පසුගිය මාසයේ කියුබාවේ ආර්ථික ඇමැතිවරයා කියාසිටියේ, තවදුරටත් සහන මිලට ඉන්ධන අලෙවි කළ නොහැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart