May 1, 2023

ආර්ථිකය අඩපණ කර ඇති පෙට්‍රල් හිඟය හේතුවෙන් කියුබානු කොමියුනිස්ට් පක්ෂය මේ වසරේ මැයි දින සැමරුම් අවලංගු කර ඇත. මීට පෙර වසර ගණනාවකදී, අන්තර්ජාතික කම්කරු දිනය කියුබාවේ හවානා විප්ලව චතුරශ්‍රය හරහා ගමන් කරන මිලියනයකට අධික ජනතාවක් සහභාගි වූ පෙළපාළි මගින් සනිටුහන් කර ඇත.

සති ගනනාවක් තිස්සේ මෝටර් රථ රියදුරෝ ඉන්ධන පිරවුම්හල් වලින් පිටත සැතපුම් ගණන් දිගු පෝලිම්වල රැඳී සිටිති. කියුබානු ජනාධිපති මිගුඑල් කැනෙල් (Miguel Díaz-Canel) පවසා ඇත්තේ දිවයිනට අවශ්‍ය පෙට්‍රල්වලින් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බවත්, සැපයුම්කරුවන් තම ගිවිසුම් ඉටු කිරීමට අපොහොසත් වීම නිසා මෙම හිඟයට හේතු වී ඇති බවත්ය.

කියුබාවට ඉන්ධන සැපයෙන ප්‍රධානම මුලාශය වන්නේ වෙනිසියුලාවයි. 2000 වසරේ සිට රටවල් දෙක අතර හුවමාරු ගිවිසුමක් ක්‍රියාත්මකව පවතී. එම ගිවිසුමට අනුව කියුබාව වෙනිසියුලාවට වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඇතුළු වුත්තිකයන් යවනු ලබන අතර, ඒ වෙනුවෙන් වෙනිසියුලාව කියුබවර ඉන්ධන ලබාදෙනු ලැබේ. එහෙත් එම ගනුදෙනුව දැන් අවුල් වෙමින් පවතී.

පසුගිය දශක දෙකක කාලය තුළ වෙනිසියුලාව සිය ඉන්ධන අන්තර්ජාතික වෙළඳපොලේ අලෙවි නොකිරීමෙන් ආදායම අහිමි කරගෙන ඇත. එමනිසා වෙනිසියුලාවට තවදුරටත්, කියුබානුවන්ට මුදල් රහිත ඉන්ධන සැපයීම දිගටම කරගෙන යා නොහැකි තැනකට පැමිණ ඇත.