
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘කෘඩියා සෙලනිකා’ (පඬුකරඳ) වර්ගයේ විශාල වැඩුණු ශාක හතක් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක පැවසුවාය.
යම් යම් පුද්ගලයන් ලබාදුන් තොරතුරු මත බෙම්මුල්ල, මගලගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම හැන්ඩිමහර, දොරනගොඩ, බියගම, කදිරාන සහ මල්වාන ආදී ප්‍රදේශ වලදී එකී වැඩුණු ශාක හඳුනාගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් පසුගියදා පැවැත්වූ වැඩසටහනකදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය මේ බව කීවාය.
වඳවීයෑමේ තර්ජනයට ලක්වීම හේතුවෙන් 2012 වසරේදී රතු දත්ත ලැයිස්තුවට ‘කෘඩියා සෙලනිකා’ ශාකය ඇතුළත් කර තිබේ. ශාක සම්බන්ධ පර්යේෂකයකු වන හිමේෂ් ජයසිංහ විසින් 2019 වසරේදී ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී එම වර්ගයේ ශාකයක් හඳුනාගෙන තිබිණි. එම ශාකය ඉකුත් ජූලි 10 වැනිදා බැකෝ යන්ත්‍ර යොදාගෙන උගුල්ලා වළදමා ඇතැයි පැවසේ.
‘කෘඩියා සෙලනිකා’ වර්ගයේ එම වැඩුණු ශාක හත පිහිටි ස්ථාන ආශ්‍රිතව තවත් කුඩා ශාක පැළවී තිබෙන ස්ථාන පහක් ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ශාකයේ පැළ 100ක් පමණ මේ වනවිට බෝකර ඇත. ඒවායේ අතුවලින් පැළ ලබා ගැනීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදී එම අතු වලින් ද පැළ බෝ කරන බව උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.
‘කෘඩියා සෙලනිකා’ මෙරටට පමණක් ආවේණික ශාකයක් වූවද, ‘කෘඩියා’ ඝනයේ ශාක දකුණු ඇමෙරිකාව හා දකුණු අප්‍රිකාව ආදී රටවල තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart