
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණ රැලි සඳහා අදාළ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයන් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වා දීමට මිනිස් බල සැපයීමේ(මෑන් පවර්) ආයතනයක් ක්‍රියාකර ඇති බවට තොරතුරක් වාර්තා වී තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ මෙම කරුණු හෙළිකර ඇත.
එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයාට අදාළ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසී ඔවුන්ගේ ප්‍රචාරණයට අදාළ කොඩි ආදියද රැඟෙන පැය තුනක කාලයක් සඳහා අදාළ රැළියට සහභාගී කරවන පුද්ගලයන් 3000ක් වෙනුවෙන් මෙම පැකේජය හඳුන්වා දී ඇති බව පැවැසේ.
මෙම පැකේජයට කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන ප්‍රවාහන වියදමද ඇතුළත්ය.
මෙහිදී දළ වශයෙන් එක පුද්ගලයෙකු සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් 1500/= කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන්නේ නම් සමස්ත පැකේජය සඳහා අමතර ප්‍රවාහන දීමනාවක් ගෙවීමට ද සේවාලාභීන්ට සිදුවන බවද අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart