
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික සෛවරීත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, අන්තර්ජාතික සෛවරී බැදුම්කර හිමියන් සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකියාව ලැබී ඇත.
අන්තර්ජාතික සෛවරීත්ව බැදුම්කර හිමියන් සමග මෙන්ම චීන සංවර්ධන බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 3.3ක ණය මුදලද ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවී තිබේ.
මේ සමගින් වර්තමානයේ පවතින ණය ප්‍රමාණයෙන් සියයට 40.3ක සහනයක් රටට ලැබී තිබේ.
මේ මගින් ලංකාවට කැපීපෙනෙන ණය සහනයක් හිමිවන අතර පොළී ගෙවීම් අඩුවීම තුළින් මූල්‍ය ස්ථාවරයත් ඇති කරගැනීමට හැකියාව ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart