
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ්-19හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබිණි.
ඒ අනුව,කොවිඩ්-19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයන් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භූමදානය කිරීමට අවසර ලබා දී ඇත.
2021 ජූලි මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථානවලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසරවල SARS-CoV-2 වෛරසය හඳුනාගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන ලදී.
එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී තිබේ.
2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක් ද සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එමඟින් SARS-CoV-2 වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී ඇත.
ඒ අනුව, කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාව අයැදීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා, විදේශ කටයුතු ඇමැතිවරයා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart