
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග දිවයිනට පැමිණි විගස ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද වරෙන්තු නිකුත්කර තිබේ.
මෙම වසරේ මාර්තු මස මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ලේජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සදහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ පෙනි නොසීටිම හෙතුවෙන් මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ තරගාවලියට ක්‍රීඩා කළ කැන්ඩි සැම් කණ්ඩායමේ හිමිකරු ඉන්දීය ජාතික යෝගි පටෙල් තමන්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කර තිබිණි.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබුණද අධිකරණයට නොදන්වා ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති විදෙස් ගතව ඇති බව හෙළිවිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart