
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කළ බවට චෝදනා කළ කාන්තාව සමඟ, සමීපව සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත් වී තිබේ.
එම දර්ශන නිකුත් කර ඇත්තේ, ධනුෂ්ක සම්බන්ධයෙන් වන නඩුව අද තෙවැනි දිනටත් කැඳවූ අවස්ථාවේදීය.
ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා පමණක් සහභාගී වන නඩු විභාගයකට මුහුණදෙමින් සිටී.
මෙම චෝදනාව, පසුගිය වසරේ නොවැම්බර් 02 වැනි දින සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකදී කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරෙමින්, හොර රහසේ උපත් පාලන කොපුවක් ඉවත් කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියකට සම්බන්ධ වේ.
එම දර්ශනවලට අනුව ධනුෂ්ක අදාළ කාන්තාවට ලිංගික අතවර කළ බව කියන වේලාවට පෙර, ඔහු එම කාන්තාව සමග සිඩ්නි නුවර අවට සැරිසරන ආකාරය දැක්වේ.
මෙම යුගලය මුලින්ම මුණගැසුණේ සිඩ්නි ඔපෙරා හවුස් අසල ඔපෙරා බාර් එකේදී වන අතර, එක්ව මත්පැන් පානය කර තොටුපළ හරහා කාන්තාවගේ නිවසට ආපසු යාමට පෙර, එහිදී ඔවුන් වැළඳ ගන්නා ආකාරය CCTV දර්ශනවලින් පෙන්නුම් කරයි.
එසේම උසාවිය විසින් නිකුත් කරන ලද CCTV දර්ශන මඟින්, රාත්‍රී ආහාරය සඳහා අසල ඇති Frankie’s Pizza වෙත ඇවිදීමට පෙර, ඔපෙරා අවන්හලේදී දෙදෙනා මුණගැසී වැළඳගන්නා මොහොතද පෙන්වයි.
පසුව මෙම යුගලය නැඟෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසට යාමට පෙර තොටුපළ ආසන්නයේ මිනිත්තු 15ක් වැළඳගෙන සිප ගන්නා ආකාරයද එහි දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart