
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට අයත් කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් පරිහරණය කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අල්ලස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (19) මෙම නියෝගය කළේය.
මෙම නියෝගය ලබන දෙසැම්බර් මස 19 වැනිදා දක්වා බලපැවැත්වේ.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගයක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart