
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, බම්බලපිටිය ගාලු පාරේ මුදල් සඳහා අනතුරුදායක ලෙස ඔට්ටු ඇල්ලමින් යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරුවන් 15 දෙනකුට රු. 427,500 ක දඩයක් නියම කිරීමටත්, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර මාස 6 කට අත්හිටුවීමටත් කොළඹ රථවාහන අධිකරණය ඊයේ නියෝග කළේය.
බම්බලපිටිය පොලිසිය විසින් මැයි 5 වැනිදා අලුයම මෙම යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරියේය.
සැකකරුවන් අවුරුදු 20ත් 28ත් අතර වයස්වල පසුවන කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෝටර් රථ පරීක්ෂකවරයකු විසින් යතුරුපැදිවල කිසියම් දෝෂයක් ඇත්දැයි පරීක්ෂා කර ඇත.
අනතුරුව සැකකරුවන් කොළඹ රථවාහන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන්ට දඩ නියම කර තිබේ.
“මෙම යතුරුපැදිකරුවන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගෙන අනතුරුදායක ලෙස පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති අතර, ඔවුන්ට දඩ ගෙවන ලෙස අධිකරණය දිගින් දිගටම නියෝග කර ඇත,” යැයි උසස් පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart