
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව 36 ඉක්මවන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වන වියදම ඉහළ නැංවීමට මැතිවරණ කොමිසමට බල කෙරෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් 36 දෙනෙකු වෙනුවෙන් අඟල් 26ක ඡන්ද පත්‍රිකාවක් යොදාගැනීමට සිදුව තිබිණි.
සභාපතිවරයාට අනුව, අපේක්ෂකයන් සංඛ්‍යාව 36ට වඩා වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකා සැලසුම වෙනස් කිරීමට සිදුවනු ඇති අතර, එය මුද්‍රණ වියදම් ඉහළ යෑමට හේතු විය හැක.
“අපේක්‍ෂක සංඛ්‍යාව වැඩිවීම ඡන්ද පත්‍රිකා සැකසීමට බලපාන නිසා අපි ගැටලුවකට මුහුණ දෙනවා. තවත් අපේක්ෂකයන් එකතු වුණොත් අපට දිගු හෝ විශාල පත්‍රිකා හෝ සම්පූර්ණයෙන්ම නව ආකෘතියක් සෑදීමටසිදුවෙන්න පුළුවන්. මේ නිසා මුද්‍රණ වියදම් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
මේ වන විට නිශ්චිත අමතර වියදම් ඇස්තමේන්තු කිරීම දුෂ්කර බවද ඔහු සඳහන් කර ඇත.
මේ වනවිට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 14 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙම අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න, කේ. පියදාස, කේ. ආනන්ද කුලරත්න, අක්මීමන දයාරතන හිමි, හිටපු අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, අභිනව නිවහල් පෙරමුණෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ.එස්.පී. ලියනගේ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, ජාතික සංවර්ධන පෙරමුණෙන් පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක, රුහුණු ජනතා පක්ෂයේ අජන්ත ද සොයිසා ද , එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය, නව සිහල උරුමයෙන් සරත් මනමේන්ද්‍ර සහ ජනසෙත පෙරමුණෙන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඉදිරිපත්ව සිටිති.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 15 වැනිදා ලෙස කොමිසම විසින් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart