
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් අද(07) Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී ඉන්දීය මගී නෞකාව ශ්‍රී ලංකාවට ලඟාවිය.
සංචාරකයන් 1,600ක් රැගෙන සිය මංගල අන්තර්ජාතික ගමන ලෙස මෙම සුඛෝපභෝගී නැව හම්බන්තොට වරායට පැමිණියේය.
MS Empress විවිධ කාණ්ඩ පහක් යටතේ කැබින් 796 කින් සමන්විත වෙයි. අති නවීන පහසුකම්වලින් සපිරි ඒ සෑම කැබින් එකක්ම එහි ගමන් ගන්නා මගීන් 1,600 කට අසමසම සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි.
එහි මගීන්ට දිවයින වටා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් මෙම නැව 2023 ජුනි 5 වන දින චෙන්නායි වරායෙන් ශ‍්‍රී ලංකාව වෙත සිය මංගල ගමන ඇරඹීය.
ශ‍්‍රී ලංකාවේ සුවිශේෂත්වය ලෝකයට විවර කිරීමටත්, පෙර අත්නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීම් සොයා යන සුඛෝපභෝගී සංචාරකයන් සඳහා වන ඉහළ පෙළේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමත් ,මෙම නෞකා සංචාරයේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart