
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පතල් කැණීම් සහ ගවේෂණ කටයුතුවලට අදාළ අයදුම්පත් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරන්නේ බලපත්‍ර නිකුත් කිරීමේ පහසුව සඳහා බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) නිලධාරීන් ඊයේ (06) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පෙන්වා දුන්නේ, “ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා අයදුම්පත් යොමු කළ යුතු බවට පතල් හා ඛනිජ පනතේ ප්‍රතිපාදන නොමැති” බවයි.
“නියාමන ආයතනය ලෙස, ඇමැතිවරයාගේ අනුමැතිය නොමැතිව අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ තනි බලය කාර්යාංශය සතුයි. පනතට අනුව, පතල් කැණීම් කටයුතු සහ ඒ ආශ්රිත වෙනත් අරමුණු සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් ගැනීමට කාර්යාංශයට බලය තිබෙනවා.” මහාචාර්ය බණ්ඩාර අවධාරණය කළේය.
එමනිසා කාර්යාංශයේ සභාපතිවරයා ක්‍රියා කර ඇත්තේ ඔහුගේ අභිමතය පරිදි සහ පනතට අනුව නොවන බව පෙනෙනවා. මේ අනුව පෙනීයන්නේ නීති විරෝධී ලෙස බලපත්‍ර නිකුත් කර ඇති බව සහ සභාපතිවරයා සිය බලතල කඩ කරඇති බව’’ ඔහු අවධාරණය කළේය.
මේ පිළිබඳව ඔබ දැනුවත්දැයි කෝප් ප්‍රධානියා සෙසු නිලධාරීන්ගෙන් විමසූ විට වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා හැර සෙසු නිලධාරීන් පැවසුවේ එවැනි ක්‍රියා පටිපාටියක් පිළිබඳව තමන් නොදන්නා බවයි.
එම කරුණම මතු කරමින් වරක් කාර්යාංශයෙහි විෂය භාර ඇමතිවරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ තමාට කිසි විටෙක අනුමැතිය සඳහා කිසිදු අයදුම්පතක් එවා නොමැති බවත්, එය තමාගේ කටයුත්තක් නොවන බැවින් අමාත්‍යවරයාව සිටියදී කිසිදු අයදුම්පතක් ඉල්ලා නොසිටි බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart