
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩු තිරිච්චි බන්ධනාගාරයේ විශේෂ කොටසේ රඳවා සිටි දරුණු ගණයේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු පෙරේදා (14) හිරගෙදරින් පළාගොස් තිබේ.
මේ පුද්ගලයා මුලතිව් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එස්.දේවරාසා නමැත්තෙකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩු මණ්ඩපම් වරායේ සිට මන්නාරම ප්‍රදේශයට බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මීට වසර එකහමාරකට ඉහතදීය.
ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේදී වසර දොළහක සිරදඩුවමක් ඔහුට හිමිවුණු අතර ඔහුව දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින විශේෂ කොටසේ රඳවා දැඩි ආරක්ෂාව සපයන ලෙසටද මණ්ඩපම් අධිකරණය විසින් නියෝග කොට ඇත.
ඔහු බන්ධනාගාරය තුළ සංවිධානය වී තවත් සිරකරුවන් පස්දෙනෙකු සමඟ පැනගොස් ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මණ්ඩපම් පොලිසිය සමත් වී ඇත.
පළාගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සිරකරුවකු සහ නයිජීරියානු ජාතික සිරකරුවෙකි. ඔහුද මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ තිරිච්චි බන්ධනාගාරයේ විශේෂ කොටසේ රඳවා සිටි අයෙකි.
මේ වන විට තිරිච්චි බන්ධනාගාරයේ විශේෂ කොටසේ දරුණු ගණයේ ශ්‍රී ලාංකික අපරාධකරුවන් 86 දෙනකු රඳවා සිටින අතර ඔවුන් සියලු දෙනාම සි ලංකාවේ උතුරේ සිට ඉන්දියාවට ගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් බව පැවැසේ.
මීට පෙර එම කොටසේ උතුරේ සිරකරුවන් 112 දෙනෙකු රඳවා සිටි අතර ඔවුන්ගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බැලීමෙන් පසුව උතුරේ සිරකරුවන් 26 දෙනකුට වෙනත් බන්ධනාගාරවල රැකවරණය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart