
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ තනතුර සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
ඒ, එම රෝහලේ හිටපු අධ්යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක ලේකම්වරයකු ලෙස අනුයුක්ත කිරීමෙන් පසු එහි අධ්යක්ෂ ධූරය පුරප්පාඩු වීමත් සමඟය.
නව අධ්යක්ෂවරයා ලෙස පත්කිරීමට ඉඩ ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකුගේ සුදුසුකම් පිළිබඳව පවතින විවාදාත්මක තත්ත්වය ඊට හේතුව මතභේදයට හේතුව බව පැවසේ.
පවතින තත්ත්වය හමුවේ රෝහල තුළ පවතින අක්රමවත්භාවය හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු අධ්යක්ෂ තනතුර සඳහා පත්කරනු ඇතැයි අනෙකුත් වෛද්‍ය වෘත්තිකයින් කණස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් පවතින විරෝධය හමුවේ මතභේදයට තුඩු දී සිටින නිලධාරීන් දෙදෙනාගෙ කිසිදු නිලධාරියකු පුරප්පාඩු වී තිබෙන අධ්යක්ෂ තනතුරට පත්නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහතික වී ඇති බව ද පැවසේ.
එසේවුවද, දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ වාර්තාව ද විමර්ශනයට ලක්ව ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කිරීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටියි.
මේ අතර පරිපාලන කටයුතු තවදුරටත් කඩාකප්පල් නොකර කාර්යක්ෂම සේවයක් ඉටුකළ හැකි නොකැළැල් වාර්තාවක් සහ ඔප්පු කළ නායකත්වයක් ඇති අධ්යක්ෂවරයකු පත් කිරීමේ අවශ්‍යතාව වෛද්‍ය සංගම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart