July 16, 2025

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරික වසන්ත මුදලිගේ පවසන්නේ, අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව, ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (e-NIC) ව්‍යාපෘතිය සඳහා කාර්මික ආකාරයේ විදුලි පේනු බෙදාහැරීමේ ඒකක 700ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ මතභේදාත්මක ටෙන්ඩරයක් රජය නිල වශයෙන් අවලංගු කර ඇති බවයි.

මුදලිගේ නියෝජනය කරන ජන අරගල ව්‍යාපාරය, බ්‍රවුන්ස් ඉංජිනේරු සහ ඉදිකිරීම් (පුද්ගලික) සමාගමට රුපියල් මිලියන 50.7 ක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කළේය.

රාජ්‍ය අරමුදල් සහිත වැඩසටහනක් යටතේ රුපියල් 72,517 ක ඒකක මිල සාධාරණීකරණය කිරීම පිළිබඳව එම කණ්ඩායම ප්‍රශ්න කළේය.

මුදලිගේ ප්‍රකාශ කළේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති බවත්, චෝදනා එල්ල වූ විෂමාචාරය විමර්ශනය කිරීම වෙනුවට, මේ පිළිබඳව තොරතුරු හෙළිකරන්නන් අපකීර්තියට පත්කිරීමට බලධාරීන් උත්සාහ කරන බවටත්ය.

ජුනි 6 දිනැති ලිපියකින් බ්‍රවුන්ස් සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අමාත්‍යාංශයේ කටයුතු කර ඇතැයි ජන අරගල ව්‍යාපාරය හෙළිකළේය.

කෙසේවෙතත්, ජූලි 14 දිනැති ඊළඟ ලිපියෙන් අවලංගු කිරීම සිදුකර ඇති අතර ලංසු සුරැකුම්පත් බැංකුවට ආපසු ලබාදෙන බව සඳහන් කර ඇත.

වසන්ත මුදලිගේ විසින් ලිපි දෙකම ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලදී.