
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන දූෂිත ඖෂධයක් හේතුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.
“රෝගීන් රෝගාතුරවීම පිළිබඳ වාර්තා තිබුණා. බැක්ටීරියා ආසාදනයකින් රෝගාතුර වූ අක්ෂි රෝගීන් කිහිපදෙනෙකුට ලබාදුන් Prednisolone ඖෂධය අපවිත්‍ර වීම ඊට හේතුව බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අක්ෂි රෝහලේ සාමාන්‍ය සියලු සැත්කම් අප්‍රේල් 14 වැනිදා සිට අත්හිටුවා තිබූ අතර හදිසි සැත්කම් පමණක් සිදු කර ඇත. වෙනත් රෝහල්වලින්ද මෙවැනිම සිද්ධීන් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව වෛද්‍ය කොළඹගේ සඳහන් කරයි. එසේම පරිපූර්ණ තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව රෝහල්වලට බෙදාහරින ඖෂධවල ප්‍රමිතිය තහවුරු කරන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය කොළඹගේ පවසයි.
“වෛද්‍ය වෘත්තිකයන් වෙළඳ නාමය, වත්මන් තොග සහ එම ඖෂධ ලබා ගත හැකි ස්ථාන පිළිබඳව දැනුවත් කළ යුතුය. එහෙම වුණොත් තමයි අපිට රෝගීන් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ.” යැයි වෛද්‍ය කොළඹගේ වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart