
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරියේ ධාරිතාවය වැඩි දියුණු කිරීමට ඇතැම් ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරී වෙනස්කම් සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ද සිදු කරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
පාරිභෝගිකයන්ට අහිතකර ලෙස බලපාන භාවිතයන්ට එරෙහිව ප්‍රමාණවත් ලෙස පෙනී සිටීමට අපොහොසත් වී ඇති බවට පාරිභෝගික අයිතිවාසිකම් කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශවයන් විසින් වසර ගණනාවක් පුරා පාරිභෝගික කටයුතු අධිකාරියට චෝදනා කර ඇත.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන්නේ මෑත වසරවලදී පාරිභෝගික කටයුතු අධිකාරියට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති බවත්, එය අධිකාරියේ වගකීම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාවට බලපා ඇති බවත්ය.
පවතින නීති රාමුව යටතේ අවශ්‍ය වෙනස්කම් කිහිපයක් සිදු කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.
“වත්මන් නීතිමය විධිවිධානවල යම් යම් සීමාවන් තිතිබෙනවා. එමනිසා මෙම හිඩැස් පියවා ගැනීමට සහ අධිකාරියට වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන හඳුන්වා දීම පිළිබඳ ද අපි සළකා බලනවා,” යැයි ඔහු පවසයි.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාව තුළ සාධාරණ තරඟකාරිත්වය සහතික කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන රාජ්‍ය ආයතනය වන්නේ පාරිභෝගික අධිකාරියයි.
අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව පියවර ගැනීම සහ වෙළඳපල සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිමය පදනම සපයන 2003 අංක 9 දරන පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ එය ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart