
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
දින කිහිපයකට ඉහත දී ජේෂ්ඨ අධිනීතීඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළට උදෑසන හයට පමණ දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධ කරදෙන ලෙස ඉල්ලීමක් සිදුකිරීමටය.
එහෙත් මෙම පොලිස් කොස්තාපල්වරයා එයට ප්‍රතිචාර නොදක්වා මුරපොළහි නිදාගෙන සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
එම හේතුව නිසා විමර්ශන සිදුකර ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart