December 31, 2025

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී 6 ශ්‍රේණිය මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙනි.

බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බව නාලක කළුවැව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේය.

මෙවැනි අකටයුත්තක් සිදුකිරීමට කටයුතු කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මෙය අවසාන මුද්‍රණය නොවන අතර, මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත් කිසිසේත්ම මෙම ප්‍රකාශනය නීත්‍යානුකූලව සිදුවන්නේ නැති බවද ලේකම්වරයා කියාසිටියේය.