
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු, විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබාදුන් නිර්දේශයන්ට අනුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කරනු ලැබේ.
ඒ අනුව, දැඩි කොන්දේසිවලට යටත්ව පහත සඳහන් ඉස්ලාමීය සංවිධානවල තහනම ඉවත් කෙරේ :
01. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
02. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)
03. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)
04. ලංකා තව්හිද් ජමාත් (CTJ)
05. එක්සත් තව්හිද් ජමාත් (UTJ)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart