
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති සමාව නොලැබූ සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වගකිවයුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකු නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත් පළවෙමින් ඇති පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ, ආණ්ඩ්‍රකම ව්‍යවස්ථාවේ 34 /1 වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමි බවයි.
ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරුන් විසින් තෝරාගන්නා නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකෙරේ.
එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය විසින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකෙරෙන අතර, ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත සිරකරුවන්ට පොදු සමාව ලබාදීම ක්‍රියාපටිපාටිය බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අදාළ සිදුවීමට පාදක වූ පසුගිය මස 06 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමුකළ පොදු සමාව ලබාදිය යුතු සිරකරුවන්ගේ ලේඛනයට 388කුගේ නම් ඇතුළත් වේ.
එහි ලේඛනයේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට සිරගත කර සිටි අදාළ පුද්ලගයාගේ නම ඇතුළත් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ, සමාව දීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබූ නම් 388 ට එම පුද්ගගලයාගේ නම කිසිසේත් ඇතුළත්ව නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart