
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ බවත් මෙවර එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන තේරීම ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.
ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදේශගත ශ්‍රී ලාංකිකයන් පවතින ක්රමයේ වෙනසක් සහ ශ්‍රී ලංකාවට නව වෙනසක් සඳහා ප්රචාරක කටයුතුවල නිරත වන අතර ජාතික ජන බලවේගය එම වෙනස සිදු කිරීමට ඔවුන්ගේ තේරීම වී ඇති බවයි.
ශ්‍රී ලංකාවට පැමිණ ජාතික ජන බලවේගය වෙත ඡන්දය ප්‍රකාශ කරන ලෙස හෝ ජාතික ජන බලවේගය සඳහා සහාය ලබාගැනීම සඳහා අන්තර්ජාල ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරන ලෙස ඔහු ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග දුරකථනයෙන් සම්බන්ධ වන සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරි මැතිවරණවලදී තීරණාත්මක බලවේගයක් බව පැවසූ ජාතික ජන බලවේගයේ නායකයා, බලය ලබා ගැනීමටත් බලය ලබාගෙන රට සංවර්ධනය කිරීමටත් ජාතික ජන බලවේගයට සහාය දෙන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
“ගෝඨාබය බලයට ගෙනඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම ඔහු ජනතා අපේක්ෂා බිඳ දැමූ පසු ගෝඨාභය ගෙදර යා යුතු බවට මහජන මතයක් ඇති කළා. එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් දැන් ක්රමයේ වෙනසක් සඳහා පොදු මතයක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන තේරීම අද ජාතික ජන බලවේගයයි, ” යනුවෙන් ඔහු පැවසීය.
මෑතක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට නොහැකි වූ බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart