June 10, 2025

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයන් දෙදෙනකු, ඉන්දුනීසියානු ජාතිකයකු හා මියන්මාර ජාතිකයකු ඇතුළත් වේ.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනකු මේ වන විට බේරාගෙන ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

නෞකාවේ මුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 22 කි.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි පැවැසේ.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.