
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පළමු කාර්තුවේදී කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිමාව පෙර වසරට සාපේක්ෂව 24% කින් ඉහළ ගොස් මිලියන 2.0 දක්වා පැමිණ ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
රතු මුහුදින් සහ සූවස් ඇළෙන් නෞකා නැවත හරවා එවීමට කටයුතු කරන බැවින් කොළඹ වරාය මැදපෙරදිග වරායන් සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන අනෙකුත් පර්යන්ත සමඟින් බහාලුම් 1,729,314ක් කොළඹින් ප්‍රතිනැව්ගත කර ඇති අතර එය පෙර වසරට වඩා සියයට 24.2ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත විසින් බහාලුම් 582,403 ප්‍රතිනැව්ගත කර ඇති අතර එය පෙර වසරට වඩා සියයට 49.81ක ඉහළ යෑමකි.
දේශීය බහාලුම් ද සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත වෙතින් මාර්තු මාසයේ බහාලුම් 652,766ක් හසුරුවා ඇති අතර එය පෙර වසරට වඩා සියයට 48ක වැඩි වීමක් සේ සැළකේ.
වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඇති නව දොඹකර මගින් මෙම පරිමාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
“නව දොඹකර මගින් වරායට අතිවිශාල GMX 24 නැව් හැසිරවීමට හැකි වනු ඇති බවත් අනාගතයේ දී ඉහළ පරිමාවන් සඳහා ඉඩ සැලසීමට හැකිවන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart