
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන සති අන්තයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කෙරෙන ඩෙංගු මර්දන විශේෂ පවිත්‍රතා වැඩසටහන නිසා නිවෙස් තුළම රැඳී සිටින ලෙස මහජනතාවගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර ඇත.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක කාලයක් ඩෙංගු පරීක්ෂා කිරීම් සිදු කරන බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සීතා අරඹේපොළ සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවේදී රාජ්‍ය ඇමැතිවරිය මෙසේ පවසා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා කොවිඩ් 19 සහ ඩෙංගු රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇමැති කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත්කිරීමට කටයුතු කළේය.
විද්වත් කමිටුවේ කටයුතු පහසු කිරීම සඳහා පළාත් අනු කමිටු නවයක් පිහිටුවා ඇති අතර, කොවිඩ්-19 සහ ඩෙංගු මර්දනය සඳහා පළාත් මට්ටමින් සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම මෙම අනු කමිටුවල මැදිහත්වීමේ අරමුණ වේ.
ඩෙංගු මදුරුවන් වැඩිපුරම බෝවන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ අතහැර දමා ඇති ඉඩම් පරීක්ෂා කිරීමට නිශ්චිත දින නියම කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කරයි.
ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඉන් සියයට 50ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින් බවද ඇය සඳහන් කර ඇත.
දේශගුණික විපර්යාස සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය නොකළහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි බවත්, රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart