August 25, 2025

කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ බිරිඳට එරෙහිව නිධන් හෑරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධපුර, තිඹිරිගස්කඩවල, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ විහාරස්ථානයක නිධන් හෑරීමේ චෝදනාව මත ඔහුගේ බිරිඳ සහ තවත් හත්දෙනෙකු අගෝස්තු 15 වැනි දින අත්අඩංගුවට ගැනිණි.

ලැබුණු තොරතුරක් මත අනුරාධපුර පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.