
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාගේ නියමයෙන් ආරම්භ කෙරුණු ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීමේ නිල ගැසට් නිවේදනයට අනුව, එහි සුළු ජාතික නියෝජනයක් නොමැතිකම ඇතැම් පාර්ශ්වවල දැඩි අවධානයට ලක්ව තිබේ.
දෙසැම්බර් 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් හරහා මෙම කාර්ය සාධක බලකායේ සංයුතිය ප්‍රකාශ විය.
සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයාද ඇතුළත් වේ.
සාමාජයීය, පාරිසරික හා සදාචාරාත්මක ලෙස සමාජය වඩාත් උසස් තත්ත්වයකට ඔසවා තැබීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගනිමින්, දී ඇති කාල රාමුවක් තුළ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කිරීම, මඟ පෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇත.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සිය කනස්සල්ල ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කර ඇත්තේ, “සමහර විට ඔවුන් දැනටමත් පිරිසිඳු ඇති.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart