
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක් වැයකළ බවට එල්ලවන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි.
ඊයේ පාර්ලිමේන්තුව අමතමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රද්ධනත්වයෙන් පසුගියදා පැවැති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක විශාල මුදලක් වැයකර ඇති බවයි.
මෙම චෝදනාවට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, එම වැඩසටහන වෙනුවෙන් ගෙවීම් වශයෙන් අනුමත කර ඇත්තේ රුපියල් ලක්ෂ 9ක මුදලක් පමණක් බවයි.
එම ගෙවීම්ද මෙතෙක් සිදුකර නොමැති බව හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart