
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඊශ්‍රායලයේ සූදානම පිළිබඳ තොරතුරු ඇතුළත් අමෙරිකානු ඔත්තුසේවා ලේඛන දෙකක් ඉරානයට අනුබද්ධ ටෙලිග්‍රාම් ගිණුමක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි ප්‍රධාන ආරක්ෂක කඩවීමක් ගැන අමෙරිකානු නිලධාරීන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.
මෙම රහස් සැලසුම හෙළිවීම සම්බන්ධයෙන් වාර්තා වන්නේ ඉකුත් ඔක්තෝබර් 1දා ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානයට එරෙහි ප්‍රතිප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලය සති කිහිපයක් පුරා සූදානමින් සිටින පසුබිමක් තුළදීයි.
මෙම රහස් සැලසුම් අනාවරණය ඊශ්‍රායල මෙහෙයුම කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකි බවට ඊශ්‍රායල බලධාරීන් සැක පළකර ඇත.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සහ එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය මෙලෙස රහස් ලේඛන අනාවරණ වීම පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
අනාවරණ වූ රසහ්‍ය තොරතුරු අනුව ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තාක්ෂණයෙන් උසස් යුධෝපකරණ ස්ථාපිත කිරීම ඇතුළු ඊශ්‍රායල ගුවන් හමුදා කඳවුරු කිහිපයක මෑත දිනවල සිදු කරන ලද ක්‍රියාමාර්ග විස්තර කරන බව සඳහන් වේ.
එහි දැක්වෙන අමෙරිකානු බුද්ධි තොරතුරු අනුව, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉකුත් සතියේදී ඉරානයට එල්ල කළ හැකි ප්‍රහාරයක් සඳහා ගුවන් යානා සහ ප්‍රහාරක ජෙට් යානා ඇතුළත් විශාල හමුදා අභ්‍යාසයක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඉරානයට එරෙහි ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායල ඩ්‍රෝන් ඒකකවල සූදානම ගැන ද එම බුද්ධි වාර්තාවේ විස්තර කර ඇතැයි පැවැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart