
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023.08.04 වන දින කඳානේ නිවසකට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ආධාර අනුබල දුන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රසික චමෝද් නොහොත් චුටි මල්ලී යන අයගේ සමීපතමයකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.08.11 වන දින ජාඇල පොලිස් වසමේ අංක 51/04, පෙරේරා මාවත, කටුවන, ජාඇල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රසික චමෝද් නොහොත් ‘චූටි මල්ලී’ යන අයගේ සමීපතමයකු වන මෙම සැකකරු 2023.08.04 වන දින කඳාන පොලිස් වසමේ අංක 16/39, ඒ/2, පියුම් මාවත, කදාන ලිපිනයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට ආධාර අනුබල දීම සහ හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 890 සන්තකයේ තබා ගැනීම යන වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart