
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයෙන් ඇණවුම් කර ඇති ලොකු ළූණු තොග ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.
ඇමැති නලින් ප්‍රනාන්දු පවසන්නේ, චීනයෙන් ලොකු ළූණු තොග පැමිණීමත් සමඟ වෙළෙඳපොළේ දැනට පවතින ලොකු ළූණු මිල පහත වැටෙනු ඇති බවයි.
ලොකු ළූණු සඳහා ආදේශකයක් වන රෝස ළූණු ආනයනය දිරිමත් කිරීමට පියවර ගත් බව ද ඇමැතිවරයා පැවසීය.
රෝස ළූණු කිලෝවකට රුපියල් 70ක් ලෙස පනවා තිබූ බද්ද රුපියල් 10 දක්වා අඩුකළ බවද ඔහු සඳහන් කරයි.
ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කිරීමත් සමඟ වෙළෙඳපොළේ ලොකු ළූණු මිල ඉහළ ගියේය.
ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart