
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලවී ඇති සුවිශේෂී වාර්තාවකට අනුව, ඇතැම් විට සංචාරකයන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් මෑත වසරවලදී එක්සත් ජනපද හමුදා කඳවුරු සහ අනෙකුත් සංවේදී ස්ථාන වෙත 100 වතාවක් පමණ ප්‍රවේශ වී ඇත.
මෙම සිදුවීම් ඔත්තු බැලීමේ කාර්යයක් ලෙස වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාව පෙන්වාදී තිබේ.
පසුගිය වසරේ, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, FBI සහ අනෙකුත් ආයතන විසින් එක්සත් ජනපද හමුදා කඳවුරු සහ අනෙකුත් ෆෙඩරල් අඩවි වලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධ සමාලෝචනයක් පැවැත්වූ බව පුවත්පත වාර්තා කරයි.
වෝල් ස්ට්‍රීට්ජ ර්නලයට අනුව බොහෝ සිදුවීම් සිදුවී ඇත්තේ සංචාරක ප්‍රදේශවලින් සහ වාණිජ ගුවන්තොටුපළවලින් බැහැරව ග්‍රාමීය ප්‍රදේශවලය.
එවැනි එක් සිදුවීමකදී, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිවහන වන කේප් කැනවෙරල් ඔබ්බෙන් චීන ජාතිකයන් කිමිදෙමින් සිටියදී සොයා ගෙන ඇත.
ෆ්ලොරිඩාවේ තවත් ස්ථානයක බුද්ධි මධ්‍යස්ථානයක් ආසන්නයේ චීන ජාතිකයන් සංචාරකයන් ලෙස පෙනී සිටිමින් ඒ අසල ඡායාරූප ගන්නා සිදුවීම් නැවත නැවතත් සිදු වී ඇති බව වාර්තා වේ.
2020 දී චීන පුරවැසියන් තිදෙනෙකු කී වෙස්ට් හි නාවික ගුවන් තොටුපළකට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන සිර දඬුවම් නියම වූ බවද පුවත්පත පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart