
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදිවල ‘බ්‍රේක් පෑඩ්’ තුළ සඟවා කිලෝග්‍රෑම් 60ක රත්‍රං තොගයක් රැගෙන යෑමට උත්සාහ කළ රන් ජාවාරමක ප්‍රධාන චූදිතයකු වන චීන ජාතිකයකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආදායම් විමර්ශන දෙපාර්තමේන්තුවේ (DRI) නිලධාරීන් කණ්ඩායමක් විසින් කත්මන්ඩු හි ත්‍රිභුවන් අන්තර්ජාතික ගුවන් තොටුපළේ භාණ්ඩ පරීක්ෂාවකදී පසුගිය ජුලි මාසයේදී මෙම දැවැන්ත රන් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
ස්කූටර්වල බ්‍රේක් පෑඩ් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රන් හඳුනාගැනීමට රේගුව අසමත් වී තිබේ.
කිලෝග්‍රෑම් 60.716ක් බරැති මෙම හොර බඩු තොගය හොංකොං සිට කැතේ පැසිෆික් එයාර්වේස් ගුවන් යානයක් හරහා නේපාලයට ගෙනවිත් ඇත.
“අසින්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අදාළ චීන ජාතික යොන්ග්සින් පෙන්ග්, රන් තොගය රාජසන්තක කිරීමෙන් පසු ඉන්දියාවට පළායෑමට සමත්ව තිබේ.
පසුව ඉන්දියානු පොලිසිය සිදුකළ විශේෂ විමර්ශනයාකින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart