
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හාවෙක් ලෙස වරදවා වටහාගෙන දඩයක්කරුවකු සිදුකළ වෙඩි තැබීමකින් චීන ජාතිකයකු මියගොස් ඇති බව එරට පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වායු තුවක්කුවකිනි. වැන්ග් මවුජින් නමැති මෙම තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මෙම සිවුදෙනා ජියැන්ග්සි පළාතේ ෂැක්සි නගරයේ දඩයමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ.
ගිනි අවි සම්බන්ධ සිදුවීම් චීනයේ දුර්ලභ ය. ෂින්ෂෝ දිස්ත්‍රික්කයේ පොලිසිය පවසන්නේ වැන්ග් මසුන් අල්ලමින් සිට ඇති අතර, අසල තණකොළවල චලනය දැකීමෙන් හාවකු ලෙස වරදවා වටහාගෙන එක් අයෙකු වෙඩි තබා ඇති බවයි. මරණ පරීක්ෂණයෙන් තීරණය වී ඇත්තේ වායු රයිෆල ප්‍රහාරයට ලක්වූ වැන්ග් ජලයට වැටී, දියේ ගිලී මිය ගොස් ඇති බවයි.
චීනයේ ලෝව දැඩිම තුවක්කු නීති ක්‍රියාත්මක වේ. ඒවා අනුරූ හෝ සෙල්ලම් තුවක්කු සඳහා පවා අදාළ විය හැකිය. මෙම සිදුවීම චීන සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්ව තිබේ. “කොහොමද මේ රටේ මිනිස්සුන්ට තුවක්කු තියෙන්නේ?” Weibo සමාජ ජාලය තුළ බොහෝදෙනා විමසා ඇත. “මම හිතුවේ මේක එක්සත් ජනපද ප්‍රවෘත්තියක් කියලා,” යැයි තවත් ය පවසා තිබේ. සීමාසහිත ලෙස දඩයම් බලපත්‍ර නිකුත් කරන නමුත්, චීනයේ තුවක්කු හිමිකම බොහෝ දුරට හමුදාවට, නීතිය ක්‍රියාත්මක කරන්නන්ට සහ වෙනත් ආරක්ෂක නිලධාරීන්ට සීමා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart