
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් ගොවිපළ පිහිටුවීමට චීනයට යළි අවසර ලබා නොදුන් බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.
ඊපීඩීපී නායකයා ද වන ඇමැති දේවානන්දා යාපනයේ ප්‍රාදේශීය මුහුදු කූඩැල්ලන් ගොවීන් පිරිසක් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.
යහපාලන රජය සමයේ චීන ආයෝජකයකුට නිකුත් කර තිබූ බලපත්‍රයක් අවලංගු කිරීමට තමන් පියවර ගත් බව ඇමැති දේවානන්දා උපුටා දක්වමින් ධීවර අමාත්‍යාංශය අඟහරුවාදා (18) ප්‍රකාශ කළේය.
ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් උතුරේ ජනතාව මුහුදු කූඩැල්ලන් ගොවිපළවල්වල ආයෝජනය කිරීම සහ එහි වැඩ කිරීම අධෛර්යමත් කිරීම හේතුවෙන් උතුරේ ආර්ථිකය කඩාවැටුණු බවට ඇමැති දේවානන්දා චෝදනා කළේය.
කර්මාන්තය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ තබා ගැනීමට ඊපීඩීපී නායකයා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉන්දීය සහ දෙමළ මාධ්‍යවල කොටසක් ද මුහුදු කූඩැල්ලන් ගොවිපළවල චීන ආයෝජනවලට එරෙහි විරෝධතා දිරිමත් කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart