
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී ගිය බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ශැන්ග්ඩොන්ග් පළාතේ පිහිටි Penglai Jinglu Fishery Co Ltd සමාගමට අයත් මෙම බහුදින ධීවර යාත්‍රාව (Lupeng Yuanyu 028) ඊයේ (අඟහරුවාදා)අළුයම 03 ට පමණ පෙරළී ගිය බව චීනයේ CCTV පුවත් සේවය පවසයි.
මෙම අනතුරින් චීන ජාතිකයින් 17 දෙනකු, ඉන්දුනීසියානු ජාතිකයින් 17 දෙනකු සහ පිලිපීන නාවිකයින් 05 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වන තෙක් අතුරුදහන් වූ පුද්ගලයන් සොයාගැනීමට නොහැකි වී ඇතැයිද CCTV සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාවේ සහ තවත් රටවල් කිහිපයක සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර මෙහෙයුමට සහාය වීම සඳහා චීනය යාත්‍රා දෙකක් යොදවා ඇති බවද වාර්තා අනාවරණය කරයි.
චීනයේ සමුද්‍ර සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිද්ධිය අදාළ රටවලට දන්වා ඇති අතර, එරට විදේශ අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දුනීසියාව, පිලිපීනය සහ අනෙකුත් රටවල සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරන ලෙස සිය දූත මණ්ඩලවලට ප්‍රකාශ කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart