
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවාන සමුද්‍ර සන්ධියට ඉහළින් චීන බැලූන් තුනක් පියාසර කර ඇති අතර, ඉන් එකක් දිවයින හරහා ගමන් කළ බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තායිවාන ප්‍රධාන මැතිවරණයට දින කිහිපයකට පෙර, චීනය ගුවන් සේවා ආරක්ෂාවට තර්ජනය කරමින් බැලූන දියත් කරන බවට අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් චෝදනා කර තිබේ.
කෙසේවෙතත්, චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය බැලූන පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
පසුගිය වර්ෂය තුළද තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය තායිවාන සමුද්‍ර සන්ධියට ඉහළින් චීන බැලූන් පියාසර කළ අවස්ථා කිහිපයක් වාර්තා කර තිබේ.
තායිවානයේ ප්‍රධාන ගුවන් කඳවුරු අසලින් බැලූන් කිහිපයක් පියාසර කර ඇති බව ද එහි සඳහන් වේ.
පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂක Hsiao Bi-khim කියා සිටියේ, චීනය තායිවානයට හිරිහැර කිරීම නතර කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart