
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන චීන සබ්මැරීනයක් ගිලී යෑමෙන් චීන හමුදා සාමාජිකයින් 55 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය යාත්‍රා සඳහා චීනය විසින්ම සකස් කර තිබූ උගුලකට හසුවීමෙන් පසු එම සබ්මැරීනය අනතුරට ලක්ව ඇති බවයි බුද්ධි අංශ අනාවරණ කර ඇත්තේ.
ෂැංහයි නගරයට උතුරින් පිහිටි ෂැන්ඩොං පළාත ආසන්නයේ, තමන්ගේම හමුදාව විසින් සවිකර ඇති මුහුදු පත්ල ආරක්ෂක වළල්ලට හසුවීමෙන් එම චීන සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වී ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එහෙත් චීනය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවසන්නේ, චීනයට අයත් 093-417 ලෙස හඳුන්වන සබ්මැරීනය එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුව ඇත්තේ කහ මුහුදේදී බව ද සඳහන් වේ.
අනතුරින් සබ්මැරීනයේ කපිතාන්වරයා සහ සෙසු නිලධාරීන් 21 දෙනෙකුද මිය ගොස් ඇතැයි ද බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart