
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ ප්‍රමාද විවාහ සංඛ්‍යාව ග්‍රාමීය ප්‍රදේශවල වැඩිවීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ.
2023 වර්ෂය තුළ වයස අවුරුදු 25ත් 29ත් අතර තරුණයන්ගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අවිවාහක බවද හදුනාගෙන ඇත.
චීන ජනගහන හා රැකියා සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී නාගරික චීනයේ වයස අවුරුදු 25 සහ 29 සඳහා අවිවාහක අනුපාතය සියයට 56.9ක අගයක් පෙන්නුම් කර තිබේ.
– ආර්ථික මන්දගාමිත්වය
– වැටුප් කප්පාදුව
– රැකියා අහිමිවීම
– Covid-19 වෛරසයේ පැතිර යෑම චීන තරුණයන් අතර විවාහ වීමට ඇති අකමැත්ත වර්ධනය කිරීමට හේතු වී ඇත.
චීනයේ විවාහ සංඛ්‍යාව 2021 දී මිලියන 7.63 සිට 2022 දී මිලියන 6.83 දක්වා අඩු වී තිබේ.
එසේම, උසස් අධ්‍යාපනය සහ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම් විවාහ අනුපාතය පහත වැටීමට හේතු වී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart