
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනවාරි මාසයේදී චීනයේ මානව හිමිකම් වාර්තාවේ එළඹෙන විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review – UPR) පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර තිබේ.
සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් භාවිතයන් තක්සේරු කිරීම සඳහා මෙම UPR නිර්මාණය කර තිබේ.
වසර ගණනාවක් පුරා චීන ආණ්ඩුව විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වසන් කරමින් UPR පද්ධතිය උපායශීලි ලෙස හසුරුවා ඇති බවට වාර්තා වේ.
මෙම සමාලෝචන ක්‍රියාවලියේ අඛණ්ඩතාව පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ඔවුන් අවධාරණය කරයි.
සාහසික ක්‍රියා වසන් කිරීම, උයිගුර්වරුන්ට සහ අනෙකුත් මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහිව මර්දනකාරී ව්‍යාපාරයක් දියත් කිරීම ආදිය මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් භාවිතයන්හි විනිවිදභාවය, වගවීම වැනි UPRහි මූලික අරමුණද චීන රජය හෑල්ලූ කර ඇති බවද සදහන් කරයි.
වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ කමිටුව (CERD) චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළාදකින අතර ශක්තිමත් විශ්ව කාලාන්තර සමාලෝචනයක (UPR) අවශ්‍යතාව අවධාරණය කරයි.
UPR පද්ධතිය තුළ චීනයේ දේශසීමා තුළ හා ඉන් ඔබ්බට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්හි බරපතලකම පිළිබිඹු කිරීමේ වගකීම ජාත්‍යන්තර ප්‍රජාවට පැවරී ඇති බවද දක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart