
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානිය චීනයෙන් පිටත සිය විශාලතම වෙළඳපොළ බවට පත්ව ඇතැයි චීන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයෙකු වන BYD පවසයි.
එම සමාගම මේ බව අනාවරණ කළේ, එහි විකුණුම් පෙර වසරට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී 880% කින් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළය.
BYD පවසන පරිදි ඔවුන් පසුගිය මාසයේදී එක්සත් රාජධානිය තුළ මෝටර් රථ 11,271 ක් අලෙවි කර තිබේ.
එහි Seal U sports වර්ගයේ වාහනයේ (SUV) ප්ලග්-ඉන් දෙමුහුන් අනුවාදය එම විකුණුම්වලින් බහුතරයක් නියෝජනය කරන බව ද පැවසේ.
මෝටර් රථ කර්මාන්ත ආයතනයක් වන ‘මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ’ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කළේ විදුලි වාහන (EV) අලෙවිය සැප්තැම්බර් මාසයේදී වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවයි.
යුරෝපීය සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි අනෙකුත් ප්‍රධාන වෙළඳපොළවල් මෙන් නොව, චීන විදුලි වාහන සඳහා තීරුබදු පනවා නොමැති බැවින්, BYD වැනි සමාගම් සඳහා එක්සත් රාජධානිය විශේෂයෙන් ආකර්ශනීය වෙළඳපොළක් නිර්මාණය වී තිබේ.
බටහිර ප්‍රතිවාදීන් බොහෝදෙනකුට වඩා ලාභදායී මාදිලි ලබාදෙන BYD, සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ වෙළඳපොළේ එහි කොටස 3.6% දක්වා ඉහළ නංවාගෙන ඇත.
ඉදිරි මාසවලදී සමාගම තවත් නව දෙමුහුන් සහ විදුලි මෝටර් රථ දියත් කරනු ඇති බව BYD හි එක්සත් රාජධානියේ කළමනාකරු Bono Ge සඳහන් කර තිබේ.
සිය 100 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ බ්‍රිතාන්‍යයේ සන්නාමයේ අනාගතය “අතිශයින්ම උද්යෝගිමත්” බව ඔහු සඳහන් කරයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart