
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” විධිමත් සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම චීන නෞකා පිළිගෙන ඇත.
“HE FEI” යනු කපිතාන් චෙන් ජුන්ෆෙන්ග් යටතේ සිටින කාර්යය මණ්ඩලයේ 267 දෙනෙකුගෙන් යුත් මීටර් 144.5 ක් දිග ප්‍රහාරක නෞකාවකි.
“WUZHISHAN” සහ “QILIANSHAN” යන නෞකා දෙකම පිළිවෙළින් කපිතාන් Fei Zhang සහ Captain Xiong Binghon විසින් අණ දෙනු ලබන මීටර් 210ක් දිග නෞකා වේ. “WUZHISHAN” හි කාර්ය මණ්ඩලය 872 ක් සිටින අතර “QILIANSHAN” හි කාර්යය මණ්ඩලය 334 ක් සිටියි.
මෙරටට ලඟාවූ චීන නෞකාවල අණදෙන නිලධාරීන් අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ හමුවීමට නියමිතව තිබිණි.
නාවික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම චීන නාවිකයන් පිරිස සහභාගී වනු ඇත.
නෞකා මෙරට මුහුදු සීමාවේ රැඳී සිටින කාලය තුළ, ඒවායේ කාර්ය මණ්ඩලය දේශීය සංචාරක ආකර්ෂණ ස්ථාන ගවේෂණය කරනු ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එම චීන නෞකාවල මෙහෙයුම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීම් සඳහා සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සම්බන්ධ වන Passage Exercise (PASSEX) නමැති නාවික අභ්‍යාසයකින් මෙම සංචාරය අවසන් වන අතර ඉන් අනතුරුව එම චීන යුද නෞකා අගෝස්තු 29 වැනිදා කොළඹින් පිටත්ව යෑමට නියමිතය.
ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන INS මුම්බායි නෞකාවද තෙදින සංචාරයක් සඳහා අද කොළඹට පැමිණියේය.
INS මුම්බායි නෞකාව දිල්ලි පන්තියේ destroyers යුධ නෞකා අතර තෙවැන්න වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart