
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරයේ නවීනතම ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් චීනය විසින් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර පවසා තිබේ.
අන්තර්ජාතික වෙළඳ සමුළු සහ මහාපරිමාණ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ ධාරිතාව ඉහළ නැංවීම එම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.
සාම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන මෙම නව පහසුකම, ප්‍රමාණයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව අභිබවා යනු ඇතැයි පැවැසේ.
මෙම සම්මේලන මධ්‍යස්ථානය කොළඹ වරාය නගරය ගෝලීය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරන අතර අන්තර්ජාතික වෙළඳාම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අපගේ කාර්යභාරය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉකුත් දා සිදු කළ සිය චීන සංචාරයේදී චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 20 ක්) ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වූ බව ද අනාවරණය විය.
ආපසු නොගෙවන පරිත්‍යාගයක් වන මෙම අරමුදල් ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමට සහ රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීමට යොදාගැනීමට රජය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart